Sunday, November 4, 2018



    අගමැති පුටු හබය 

රූප සටහන උපුටා ගැනීම BBC පුවත් සේවය 


විසි හය රැ කෑමෙන්          පසු
සැටියක මා ඇලවුණු        පසු
වාඩි වුනෙමි ගැස්සුනු       පසු
සිටගත්තෙමි දුවනු          පහසු

කඩයට ගොස් පට පට                     ගා
පුපුරනු රිසි සතුට                        මෙගා
රතිඤ්ඤා හඩ  “දොන් පට “            ගා
අගමැතිකම දෙයිද                         නිගා

හිටපු අගමැති තාම මග                       ගාල්ලේ
“පාගපන් මිනිහෝ “ ඩ්‍රයිවර් ගේ         බෙල්ලේ
එල්ලී එල්ලී ගිරිය                              තල්ලේ
එද්දී ලේ රස උගුරු                           දල්ලේ 

කොළඹ එනකොට හති                  දදා
හිටපු අගමැති නැති                        මෙදා
අලුත් අගමැති මිහිඳු                      මැතිදා
සැප රථෙන් යයි අත                         දදා

ඩොලර් එක ගිනි ගණන්                     වෙත්දෙන්
තේ වත්තේ දුක දෝරේ                       යත්දෙන්
රටේ අගමැති කම්                              පරිද්දෙන්
නිල පුටුත් යයි ඩොලර්                      මත්තෙන්

ඕන තරමින් ගසා                            කල්ලා
ආයු සැප බල තර                          කරල්ලා
එදා වේලට පඩිය                           ඉල්ලා
හඩන  දුක් ගිනි අදුර                        ගල්ලා

නැත තරගයක්   අගමැතිකම් කරන්න            
සම්බෝලයි බතුයි පුරුදුයි දැන්   අප                  
අගමැති පුටුව කැඩුවත් හතරට පහ                 
දුම්මල ගහන්නද අප හැම   මළ දා                   ට 

2020/09/01 #දෙසතිය✍️✍️