වේදිකාව මත්තේ පෙර පුහුණුව අතරතුර

කාලයක් තිස්සේ ගත් උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙන් ලබන නොවැම්බර් මස 16 වැනිදා නෙලුම් පොකුණේ දිගහැරෙයි. සවස 5 වනවිට දේශන ශාලාවලින් මිදී එන අපි අපේම වේදිකාවක් මත රගපාන්නෙමු. එකිනෙකාගේ වසර බැම්මෙන් මිදී පළමු වසර මෙන්ම සිවුවන වසරද රංගයේ නිරත වෙමු. විශේෂයෙන්ම වැදගත්ම කරුණ වන්නේ මේ කිසිවකුත් රංගකලාව විෂයක් වශයෙන් හදාරන පිරිසක් නොවීමයි. වැඩි පිරිසක් ජනසන්නිවේදන විෂය හදාරන පිරිසකි. මෙම වේදිකා නාට්‍ය වෙනස්ම අත්දැකීමක් වීමට මූලික හේතුවක් ලෙස දැක්විය හැකිය. වේදිකා නාට්‍ය වෙනස්ම අත්දැකීමක් වීමට මූලික හේතුවක් ලෙස දැක්විය හැකිය. වේදිකා නාට්‍ය විනිවිද දැක්ම තුළින් රංගකලාව පිළිබද ස්වයං අධ්‍යයනයක් කිරීමට මහාචාර්ය ඇතුගලයන් විසින් මං විවර කරදී ඇත. වේදිකාවක හඩ පාලනය හා රංගයේදී වේදිකා තලයේ තරප්පු පෙළක් නගින්නා සේ වූ හඩ මනා සංයමකින් යුක්තව පාලනය කිරීමේ ස්වයං හික්මීමක් අප තුළම ඇති කරවීමට තරම් වේදිකාව පිළිබද අවබෝධයක් ගැනීමට තරම් සමත්කම් දක්වා ඇත.
මූලිකත්වය පළමුවෙන්ම ව්‍යායාමවල නිරතවීමයි. සංගීත කාණ්ඩයකට අනුව සැහැල්ලු අදුමින් සැරසුණු අප වේදිකාව මත ඒ මේ අත පෙරළී දුව පැන ශරීරය ලිහිල් කර ගනිමු. එකාපිට වැටී මහ හඩින් සිනාසෙමු රංගනයේ සිටින අපේම සහෝදර කැලගේ එකිනෙකාගේ සුවද හොදින් හදුනමු. එයම ජීවිතයේ එකිනෙකා ඉවසීමේ අපගේ සමාජයේ විසීමට උවමනා ජීවත පරිකල්පනා දියුණු කර දෙන්නකි. කුඩා වැරැද්දක් වුවත් නාට්‍ය අතරතුර සමූහයක් හමුවේ සියලුම උත්සාහයන් දිය වී යා හැකි නිසාවෙන් බොහෝ උවමනාවෙන් හා ප්‍රවේශමෙන් පුහුණුවීම්වලට අවධානය දීමට කවුරුත් වගබලා ගනු ලබයි. කොසොල් රජුගේ සිහින පන ගැන්වීමට විවිධ සතුන් නිරූපණය හා භාව ප්‍රකාශනය කිරීමක් වෙයි. මුලින්ම පොරයකට සැරසෙන මී ගවයන් පිළිවෙළිනි, පොකුණට දිය බීමට එන සතුන්ගේ භාව ප්‍රකාශනයත්, හංසයන්ගේ රැගුම් පොදුවේ ගම්වාසීන්ගේ චරිතවලට පණ පෙවීමට සරසවි කැල පෙර සූදානම් වන්නේ නොවැම්බර් 16 වැනි දිනය වර්ණවත් කිරීමටයි.
 
වේදිකාවේ නොදැනීම කාලය ගත වන අතර තේ පානය කිරීම වේදිකාවේ රසමුසු අවස්ථා ආවර්ජනය කිරීමක් වෙයි. කෙසේ නමුදු සරසවිය විද්‍යාර්ථයන්ගේ කලා කුසලතාවන් මොට වීමට ඉඩ නොදී මහා සුපිනය නව ජීවයක් ගෙන දුන් තෝතැන්නක් ලෙස වේදිකාව මත රංගනයේ යෙදෙන මේ සටහන ලියන මාගේ පොදු මනෝභාවයම වෙයි.
එච්.පී. රසික නදීශාන්
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය