Monday, July 20, 2020
කලු සුදු වර්ණ බේදයට තිත තබමු.
මෑතකදී ධනවත් හා බලවත් යැයි ලෝකයේ නමක් දරණ අමෙරිකාවෙන් ඉතාමත් ශෝචනීය පුවතක් අසන්නට ලැබුනා.ඒ ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කලු ජාතිකයකු මරණයට පත්වීමයි. සුදුජාතික පොලිස් නිලදාරියකුගේ දනහිසට තදවී ජීවිතයට හුස්මක් ඉල්ලු හෙතෙම මියැදීගියේ නිරපරාදේ යැයි සුදු ජාතිකයන් මෙන්ම කලු ජාතිකයන් ද වීදි බැස මනුෂ්‍යත්වයේ දෑත් දිගු කලේ කාටත් ජීවත්වීමට ඇති අයිතිවාසිකම් හා නිදහසට අවශ්‍ය පාලක පන්තියක් පත් කිරීමේ අරමුණු ඇතිවය .ඒ අනුව එක්සත් ජනපදය තුළ ගිනි ඇවිල ගොස්ය. ශතක ගණනාවක සිට බුරබුරා නැගෙන වර්ගවාදය නමැති ඒ ගින්න නිවීමට ඇමරිකාව තවමත් අපොහොසත් වී ඇත.ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකගේ මරණයට එරෙහිව එක්සත් ජනපදයේ නගර 75 කට අධික සංඛ්‍යාවක විරෝධතා පැවැත්විණි. එකී විරෝධතාවලට දස දහස් ගණනක් සහභාගී වූහ. පසුගිය මැයි 25 වෙනිදා (Minneapolis) හිදී ජෝරෝජ් ෆ්ලොයිඩ් අවසන් හුස්ම හෙළුවේ පොලිස් අත්අඩංගුවේ සිටියදීය. සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් දණහිස නවා ගෙල සිර කරනු ලැබූ නිරායුධ කළු ජාතිකයා තමාට හුස්ම ගත නොහැකි බව දිගින් දිගටම පවසන ආකාරය වීඩියෝ දර්ශන ඔස්සේ දැකිය හැක.ඇමරිකාවෙන් මතු වූ උද්ඝෝෂණ මේ වන විට ලන්ඩනය, බර්ලිනය සහ ඕක්ලන්ඩ් වැනි ලොව වෙනත් නගර දක්වා ද ව්‍යාප්ත වී ඇත. එමෙන්ම #BlackLivesMatters සහ #BlackoutTuesday වැනි හෑෂ් ටැග් භාවිත කරමින් ඒ සඳහා සහාය පළ කර සමාජ ජාල තුළ විශාල වශයෙන් අදහස් හුවමාරු විය.මේ මොහොතේ පැවැත්වෙන විරෝධතා "සුදු ජාතිකයන් විසින්ම නිර්මාණය කරන ලද තත්ත්වයක" ප්‍රතිඵලයක් බවපෙනීයයී."ඇතැම් විරෝධතා සමග මතුවූ කෝලාහලවල වර්ධනය, 1968 වසරේ අප්‍රේල් 04 වෙනි දින එක්සත් ජනපදයේ ප්‍රමුඛ පෙළ සිවිල් ක්‍රියාධරයෙකු වූ මාටින් ලූතර් කිං ජූනියර් ඝාතනය කෙරුණු අවස්ථාවේ හටගත් තත්ත්වය හා සම කෙරේ.මාටින් ලූතර්ගේ ඝාතනය වර්ගවාදය සම්බන්ධයෙන් තිබෙන පූර්ව නිගමන ප්‍රශ්න කරනු ලැබීම සහ සිතා මතා ඇති කර නොගත් ජාතිවාදී හැසිරීම් හඳුනා ගැනීම සඳහා වන ප්‍රායෝගික අභ්‍යාස ක්‍රියාවේ යෙදවීමක් ලෙස අර්ථකථන කළ හැකිය.
Subscribe to:
Posts (Atom)
-
කලු සුදු වර්ණ බේදයට තිත තබමු. මෑතකදී ධනවත් හා බලවත් යැයි ලෝකයේ නමක් දරණ අමෙරිකාවෙන් ඉතාමත් ශෝචනීය පුවතක් අසන්නට ලැබුනා.ඒ ජෝර්ජ් ෆ්ල...
-
ඩිජිටල් මාධ්‍ය හා සමාජජාල මාධ්‍ය 1.ඇනලොග් තාක්ෂණික සීමාවන් පසුකරන ලද නව නිර්මාණය ඩිජිටල් තාක්ෂණයයි . 2.අංකිත ක්‍රමයට දත්ත ගබඩා වී...

