Thursday, October 4, 2018

විවිධ විනිවිද සොයන මාවත…… 

සියදිවි නසාගැනීම යනු කුමක්ද?





සියදිවි නසාගැනීම (suicide , suicidium, sui caedere) තමන්ගේ ජීවිතය හිතාමතාම තමන් විසින්ම නැතිකර ගැනීමේ ක්‍රියාව සියදිවි නසාගැනීම ලෙස නිර්වචනය කල හැකිය. ප්‍රධාන වශයෙන් සියදිවි නසාගැනීම සිදුකරගනු ලබන්නේ ජීවිතයේ බලාපොරොත්තු නැතිවූ අවස්ථාවල, මානසික ආතතිය(විෂාදය-Major depressive disorder), හින්නොන්මාදය(Schizophrenia Schizophrenia), Bipolar disorder] වැනි මානසික රෝගවලට(Mental_disorder mental disorder) ගොදුරු වී ඇති අවස්ථාවලදී, අධික ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින අවස්ථාවලදී සහ ඖෂධ අනිසි භාවිතා කරන අවස්ථාවලදීය(Drug abuse).තවද මානසික පීඩාකාරී සාධක වන ආර්ථික දුෂ්කරතා සහ අන්තර් පුද්ගල සබදතා වල බිදවැටීම් වැනි ගැටළුද සියදිවි නසාගැනීම්හිදී ප්‍රමුඛ භූමිකාවක් රගපානු ලබයි. සියදිවි නසාගැනීම වලක්වා ගැනීමේ ක්‍රමවිධි ලෙස සාමාන්‍ය පුද්ගලයන්ට ගිනි අවි භාවිතය සීමා කිරීම, මානසික රෝග සහ ඖෂධ වැරදි ලෙස භාවිතා කිරීම සදහා ප්රවතිකාර කිරීම සහ ආර්ථිකය සංවර්ධනය කිරීම හැදින්විය හැකිය.

මෙම දිවිනසා ගැනිම වාර්තා කිරීමට සමාජ මාධ්‍ය යොදා ගන්නේ ඇයි?

  • ජනමාධ්‍ය තුළ පවතින ආචාර ධර්ම සීමාව නිසා මීට අදාළ පුවත් ,ඡායාරූප, වීඩියෝ, ආදිය රිසි සේ ජනමාධ්‍යයේ පල කිරීම සඳහා අවස්ථාව නොලැබීම.
  • ඕනෑම අයෙකුට මේ පිළිබඳ තමා සතු තොරතුරු පල කිරීමට හැකි පහසුම හා කාර්යක්ෂම ක්‍රමය මෙය වීම. (යූ ටියුබ් හා ෆේස් බුක් )
  • මෙවැනි අපරාධ ගනයේ පුවත් සඳහා සමාජ මාධ්‍ය  තුළ පවතින ඉල්ලුම
  • කලාකරුවන් සම්බන්ධ පුවත් සදහා සමාජ මාධ්‍ය තුළ පවතින ඉල්ලුම (ගොසිප් )

අයහපත් බලපෑම්…

  •  දිවි නසා ගත් ආකාර පැහැදිලිව මෙම ලිපිවල සදහන් කර ඇති නිසා ඇතැම් පිරිස් මෙම ක්‍රමවේද අනුගමනය කිරීමට පෙළඹීම.
  • සියදිවි නසා ගැනීම සමාජයේ පවතින රැල්ලක් යැයි නිගමනය කර ඒ සදහා පෙළඹීම,වීරත්වය ප්‍රකට වේ යැයි හීනමානයක් ඇතිකරගැනීම.
  • මෙම සිදුවීමට අදාළ සංවේදී ඡායාරූප හා වීඩියෝ පට නැරඹීම තුළින් ඇතැම් පිරිස් මානසික කම්පන තත්ත්වයන්ට පත් වීම.
  • ජනප්‍රිය පුද්ගලයන් පවා මෙවැනි ක්‍රියා අනුගමනය කරනවාය යන මතය නිසා සියදිවි නසා ගැනීම සාමාන්‍ය සිද්ධියක් ලෙස දැකීමට පෙළඹීම,මරණය සියල්ලට  විසදුමක්  ලෙස වැරදි වටහාගැනීම.
  • මෙම සිද්ධිය වාර්තා කළ ආකාරය නිසා ඔහුගේ සමීපතමයන්ගේ පෞද්ගලිකත්වයට හානි වීම

    නිගමනය…

සියදිවි නසා ගැනීම් පිළිබද පුවත් වාර්තාකරණයේදී ඔහුගේ අනවශ්‍ය පෞද්ගලික තොරතුරු, සංරක්ෂණය නොකරන ලද ඡායාරූප, වීඩියෝ , හා සියදිවි නසා ගත් ආකාරය පිළිබද කෙරෙන විස්තර කිරීම් ආදිය සමාජ මාධ්‍යයයේ පල කිරීම ආචාරධර්ම අතින් යෝග්‍ය නොවේ.ස්‌වයං වාරණයක් අත්‍යවශ්‍ය වෙයි. තම වෙබ් පිටුවට ග්‍රාහක පිරිස තරකර ගැනීමට ඔවුන්ට වීරත්වය ආරෝපණය කිරීම හෝ විවේචනය වෙනුවට සමාජ ප්‍රගමනයට බුද්ධිමය කතිකාවතක අවශ්‍යතාවය බොහෝ සෙයින් අවශ්‍ය කාලය මෙයයි.

සියදිවි නසාගැනීම යනු  ගැටළු වලට  පිළිතුරක් ,වීර ක්‍රියාවක් හෝ නොව සමාජය නොමග යාමක් හා වැරදි අර්ථකථනයකි.  

No comments:

Post a Comment

2020/09/01 #දෙසතිය✍️✍️