01.පළමු වන පර්ච්ඡේදය
1.හැදින්වීම
ලොව වෙසෙන සියලු සත්ත්ව සංහතියේම පැවැත්ම තිරණ කරන ප්‍රබලම තිරණාත්මක වු සාධකය ජලයයි. අකාබනික සංයෝගයට කල හැකි කිසිදු ද්‍රව්‍යයක් මිහිපිට නොමැති අතර එහි වටිනාකම මෙතකයැයි මිල කිරිමට ද නොහැකිය. තවත් ලොව වෙසෙන බුද්ධියෙන් ඉහළම සත්ත්වයින් ලෙස සලකන මානවයා එහි වටිනාකම නිසිලෙස අවබෝධ කරගෙන ඇත්දැයි යන්න තවමත් සැක සහිතය.ක්ෂය වෙමින් පවතින ස්වභාවික සම්පත් අතරින් ද ප්‍රමුඛ ස්ථානයක් ගන්නා ජලය හිඟකමින් මේ වන විට ලෝකයේ විශාල පිරිසක් පීඩාවට ලක්ව ඇත. වර්තමානය වන විට පිරිසිදු පානිය ජලය හිඟකමින් බිලියන 15ක පමණ ජනතාවක් පිඩාවට පත්ව ඇත.
මෙලෙස ජල සම්පත රැක ගැනිමට අවශ්‍ය පියවර නොගැනීම හා එය දිනෙන් දිනට කල් දැමිමට තවත් ලෝක යුද්ධයකට අත වැනිමක් බදුය.එවැනි ව්‍යසනයක් ඇතිවිම වැලැක්විමට අප සියලු දෙනා තනි තනිවම ජල සම්පත රැක ගැනිමට පියවරක් පෙරට තබන්නේ නම් හෙට දිනය අදුරු දිනයක් නොවනු ඇත. එලෙස අප කටයුතු කළහොත් කිසිවෙකුත් මඟ නොහැරෙනු නොඅනුමානය. එය විවරණය කිරිම මෙම පර්යේෂණය තුළ සිදුකරන ලදී.
මිනිස් ශිෂ්ටාචාරය ආරම්භයේ සිටම නිම්න ආශ්‍රිතව මිනිසා සිය වාසස්ථාන ගොඩනගා ගැනීමට උත්සුක වී ඇති බව පෙනේ. ලංකාවේ ද මෙම තත්වය එසේම වන අතර මිනිසාට ජලය අත්‍යවශ්‍ය සාධකයක් වේ. පුද්ගලයාගේ ජීව විද්‍යාත්මක අවශ්‍යතා වලට අමතරව ජලය බද්ධ වූ සංස්කෘතියක් ද අපට හඳුනාගත හැක.
මෙය ජල සංස්කෘතිය ලෙස හැඳින්වේ.ආර්ථික කාර්යයන් හා සෘජු පරිහරණයේදී සෞඛ්‍ය ආශ්‍රිත ගෘහීය ජල පරිහරණයේදී ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ජලය ඉතා සුවිශේෂී කාර්යයක් ඉටු කරනු ලබයි. මේ අනුව පවුල් හා සමාජය පවත්වා පවත්වාගෙන යාම කෙරෙහි ජලය සුවිශේෂී දායකත්වයක් දරන බව කිව යුතුයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ක්‍රිස්තු වර්ෂ 2002 වර්ෂයේදී සියලු දෙකයි දශම දෙකක් වන අතර ඒක පුද්ගල ආදායම් ඇමරිකානු ඩොලර් 740 හතළිලිහක් විය (වාර්ෂික වාර්තාව 2002 ශ්‍රී ලංකා මහ බැංකුව )
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනය මිලියන 16019 උතුරු නැගෙනහිර ප්‍රදේශ කීපය හැර ඇස්තමේන්තුගත මුළු ජන ජනගහනය මිලියන 18.75 අතර අනුපාතය 1.2 ජනඝනත්වය 1980 වර්ග කිලෝමීටර 258 ක් වූ අතර 2001 වර්ෂයේ එය වර්ග කිලෝමීටර් 342 දක්වා 32% ක වර්ධන වේගයක් දක්වා ඇත ජනගහනය 2001 මුළු ජන ජනගහනයෙන් සියයට අසූවක් නාගරික ප්‍රදේශවල ජීවත් වන අතර සියයට 14.6 ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන වතු ප්‍රදේශ්වල මුළු ජන ජනගහනයෙන් සීයට 5.3 ජීවත්වක් ජීවත් වෙය.ි ශ්‍රී ලංකාවේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 65610 ක් වන අතර මුළු ගොඩ බිම් ප්‍රමාණය වර්ග කිලෝමීටර් 62705 කි.හෙවත් 95% ක අභ්‍යන්තර ජලාශ ප්‍රමාණය වර්ග කිලෝමීටර් 5 වන අතර ඒ මුළු භුමි ප්‍රමාණයෙන් 0.04%ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ සිට මුහුදට ගලා බසින මහවැලි කැලණි ,කළු ,වලවේ යන ප්‍රධාන ගංගා හතරක් ඇතුළුව ප්‍රධාන ගංගා 34 ඇතක් ඇති අතර මෙම ගංගා 34 මට මායිම් වලට සීමා වූ ශ්‍රී ලංකාවේ ගංගා ද පමණි රාශියක් හඳුනාගෙන ඇති අතර එයින් විශාලම ගංගා වනුයේ මහවැලි ගංගාවයි.(ඒකාබද්ධ ජල සම්පත් කළමනාකරණය 2003:7)
ශ්‍රී ලංකාවේ දිනකට එක් පුද්ගලයකු ජල පරිභෝජනය බීමට නෑමට ආහාරපාන ඇතුළු අත්‍යවශ්‍ය කටයුතු සඳහා ලීටර 120ක් පමණ පරිභෝජනය කරන බවට ඇස්තමේන්තු කර ඇත. (ජල සම්පාදන ඉදි ඉදිකිරීම් තාක්ෂණය 1988:32) ඒ අනුව ශ්‍රී ලංකාවේ මුළු ජන ජනගහනයෙන් දිනකට ලීටර් මිලියන 2220 පරිභෝජනය කරනු ලබයි. මෙය කාර්මික වාණිජ කෘෂිකාර්මික කටයුතු හැර ඒවා ද ඇතුළත් කළ විට දිනකට අති විශාල ජල පරිභෝජනයක් සිදුකරනු ලබයි. ශ්‍රී ලංකාවේ පිරිසුදු ජලය ජලය ලබා ගැනීමේ පහසුව 1994 මුළු නිවාස ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස 72.1% වෙයි ඒ අතරින් නළ ජල පහසුකම් ඇත්තේ මුළු නිවාස මානයෙන් 23% කට පමණ වේ .ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂක පහසුකම් සමික්ශනය කිරීමේදී ජල මුද්‍රිත වැසිකිළි හා මුළු නිවාස ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස63.1 4% භාවිතා කරයි.( ජනසංඛ්‍යා ලේඛන සමීක්ෂණය 1994:10)
3.2 අධ්‍යයන ක්ෂේත්‍රය
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩල මාගේ පර්යේෂණ අධ්‍යයන ක්ෂේත්‍රය විමසා බලන විට එහි ඉතිහාසය හා විකාශනය මේ ආකාරයෙන් හඳුනාගත හැකිය.
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා ලද වර්ෂ එක්දහස් 1974 අංක 2 දරන ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පනත මගින් පොදු අධිකාරියක් ලෙස ප්‍රතිෂ්ඨාපනය කරන ලදී.මෙම පොදු අධිකාරියේ 1975 ජනවාරි පළමු වන දා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නමින් රාජ්‍ය අනුබද්ධ ආයතනයක් ලෙස ක්‍රියාත්මක විය.
ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ශ්‍රී ලංකාවේ ජනතාවට ජාත්‍යන්තරයෙන් ප්‍රමිතීන්ට අනුකූලව ජලය ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව සැපයීමත් එකී කටයුතු ප්‍රවර්ධනය කිරීම,නව ජල යෝජනා ක්‍රම, සනීපාරක්ෂක යෝජනා ක්‍රම ඉදිකිරීම, ජල සම්පාදන හා සනීපාරක්ෂක සේවා සැපයීම වෙනුවෙන් අදාළ ප්‍රතිපත්ති සම්පාදනයට දායක වීම, මෙන්ම ජලාපවහන යෝජනා ක්‍රම ඉදිකිරීම, නඩත්තු කිරීම හා ප්‍රවර්ධනය කිරීම, ජාතික ආයතනය ලෙස මණ්ඩලයට ඇති ප්‍රධාන වගකීම් වේ. ඉහත වගකීම් ඉටු කිරීම පිණිස මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය රත්මලාන ගාලු පාර අංක දාහතර හි පිහිටුවා ඇති අතර, කඩිනම් ඵලදායී සේවාවක් සැපයීම සඳහා ශ්‍රී ලංකාවේ සෑම පළාතක් ම ආවරණය වන පරිදි එකී වගකීම ප්‍රාදේශීය සහය සේවා මට්ටමින් ඉටු කිරීමට බලතල විමධ්‍යගත කොට ඇත.
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය 1961 පෙර රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ උප දෙපාර්තමේන්තු අතර පවතින ලදී. ඉන්පසුව 1961 විට ජල සම්පාදන හා ජලාපවාහන දෙපාර්තමේන්තුව බවට පරිවර්තනය විය. ඉන් වසර පහකින් පසුව 1965 වන විට පළාත් පාලන අමාත්‍යාංශයේ ජලසම්පාදන හා ග්‍රාමීය වැඩ අංශය බවට පත්විය. 1970 වර්ෂය වනවිට වාරිමාර්ග විදුලිබල හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ ජලසම්පාදන ජලාපවාහන හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව බවට පත්විය.1975 වර්ෂයේ ජනවාරි පළමු වැනි දා වන විට ජාතික රාජ්‍ය සභාවේ 1974 අංක 2 දරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල පනත මගින් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පිහිටුවන ලදී.
1980 ජල පරිභෝජනය වෙනුවෙන් ජලමනු සකස් කිරීම හෙවත් ජල මීටර සකස් කිරීම සිදුකරන ලදි. 1981 වන විට ජලය වෙනුවෙන් බිල්පත් නිකුත් කිරීමේ හා ආදායම් එකතු කිරීම ආරම්භ කරන ලදී. 1986 වන විට ප්‍රාදේශීය සහය සේවා මධ්‍යස්ථානය සඳහා සහකාර සාමාන්‍යාධිකාරී වරයෙක් පත් කිරීම මගින් ප්‍රාදේශීය මට්ටම දක්වා බලතල විමධ්‍යගත කරන ලදී. මේ වකවානුව වන විට සමස්ත දිවයින ප්‍රාදේශීය සහන සේවා මධ්‍යස්ථාන පහකට වෙන් කොට තිබීම සිදුවිය. අනතුරුව 1990 වන විට බලය වඩාත් විමධ්‍යගත කිරීම සඳහා ප්‍රාදේශීය සහය සේවා මධ්‍යස්ථාන වලට වැඩි බලතල සහිතව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වරුන් පත් කරන ලදී. වැඩි සඵලතාව බලාපොරොත්තු වන ලදී.2001 වන විට පළාත් දෙකකට එකක් ලෙස ප්‍රාදේශීය සහය සේවා මධ්‍යස්ථාන ආරම්භ කරන ලදී. 2008 වන විට සෑම පළාතකටම එකක් වන ලෙස ප්‍රාදේශීය සහය සේවා මධ්‍යස්ථාන ආරම්භ කරන ලදී. එය මේ වන විට වර්ෂ 2020 දක්වාද යාවත්කාලීන වෙමින් පවතී.(මානව සම්පත් කළමනාකරණ අංශය,2013,පි01)
ශ්‍රී ලංකාවේ ජල සම්පත්
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1800 ක් පමණ වේ. රටට වැසි වැඩි වශයෙන් ලැබෙන්නේ ඊසාන දිග හා නිරිත දිග මෝසම් වලිනි. ඇළ දොළ ගංගා වැව් ජලාශ හා මුහුදු රටේ මතුපිට ජල දේහයන්ට ඇතුලත්වේ සීයට වැඩියි ගංගා සංඛ්‍යාව ශ්‍රී ලංකාවේ ඇත. ජලාශ 16000ක් පමණ රටේ නොයෙක් පළාත්වල තිබේ.නොගැඹුරු ළිං සෑම පළාතකම තිබෙන අතර, වැඩි සංඛ්‍යාවක් ඇත්තේ තෙත් කලාපයයෙහි ය. කෙටිකාලීන වාරිමාර්ග ජල සැපයුම සඳහා වියළි කලාපය නොගැඹුරු ළිං ජලය යොදාගෙන ගැඹුරු ළිං උතුරේ හා වයඹ පළාත්වල සෑහෙන සංඛ්‍යාවක් තිබෙන අතර, දකුණේ සුළු වශයෙන් දක්නට ඇත. දිය උල්පත් සෑම ප්‍රදේශයන්හි ම ඇත. ඉන් සමහරක ජලය උණුසුම්ය. ගංංගා හා ජලාශ සියල්ලක්ම පාහේ තිබෙන ජල ගුණාත්මක භාවය අතින් කෘෂිකර්මය හා ධීවර කටයුතුවලට සුදුසුය එනමුත් රෝගකාරක ක්ෂුද්‍ර ජීවීන්ගේ ගහනය අධික හෙයින් බීමට නුසුදුසු ය. සමහර ගොවිපල අසල පිහිටි නොගැඹුරු ළිං ජලයේ නයිටේරට් සාන්ද්‍රනය ඉහළ මට්ටමක ඇති බැවින් පානය කිරීම හානිදායක විය හැකිය.
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ස්වභාවික සම්පත ලෙස ජලය සැලකිය හැකි අතර, රටෙහි සංවර්ධනය හා ජලය අතර සම්බන්ධතාව එකිනෙකට සමාන්තරව ඈත ඉතිහාසය කරා දිවයයි.
අද දිනයේ පවා වැදගත් වූත් උත්සව අවස්ථාවන්හිදී සෞභාග්‍යය සලකන ලෙස ජලය සියලුම ජාතීන් හා ආගමිකයන් ගේ චාරිත්‍ර වාරිත්‍ර හා බැඳී පවතී ඇල, දොල,වැව් හා ජලාශ ආදී මෙන්ම රට වටා පිහිටි මහ සමුදුර යනාදීන් ශ්‍රී ලංකාවේ මතුපිට ජලය සමන්විත වේ. ට තුළ පවතින අනෙකුත් ජල සම්පත් අතර භුගත ජල ප්‍රභව ලෙස ගැඹුරු හා නොගැඹුරු ළිං, වගා ළිං හා නල ලිං පවතී. ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් වාර්ෂිකව ගෘහස්ථ හා කාර්මික අවශ්‍යතා සඳහා වැය වන ජල ප්‍රමාණය ගන්න ලීටර් මිලියන එක්දහස් 1230 ක් ලෙස ඇස්තමේන්තු ගත කර ඇති අතර කර්මය හා ජල විදුලිය නිෂ්පාදනය සඳහා ජල අවශ්‍යතාව ඝන ලීටර් මිලියන හාරදහස් නවසි විස්සක් පමණ වේ. (අමරසිරි සරත් ,2008)
වර්ෂ 2010 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගෙන තිබෙන” ආරක්ෂිත පිරිසිදු පානීය ජලය සහ සනීපාරක්ෂාව මානව අයිතිවාසිකමක් ලෙස සහ ප්‍රීතිමත්ම සඳහා සෑම දෙනාටම අවශ්‍ය අත්‍යවශ්‍ය සාධකයක් බවටය .එම නිසා ජලය සැමදෙනාගේම මානව අයිතීන් අයිතිවාසිකම් කියායි මෙය තවදුරටත් පැහැදිලි කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ බීමට ඇතුළුව පුද්ගල සනීපාරක්ෂාවටත්, රෙදිපිළි සේදීමටත්, ආහාර පිසීමටත්, සමස්ත වශයෙන් ගෘහස්ථ සහ පුද්ගල සනීපාරක්ෂාව උදෙසා දේශනා වූ ආරක්ෂිතව ජලය ප්‍රමාණවත් පරිදි ම සාධාරණ මිලකට ලබා ගත හැකි විය යුතු බවය.මිනිසුන් ආරක්ෂිත ජලය නොමැතිව විවිධ හේතූන් නිසා පසු බසින්නේ ය.
මෙහිදී සඳහන් කරන්නේ එම විෂමතාවයන් සදහා හේතු වූ කරුණු කිහිපයකි. බොහෝ අයට තමාට අවශ්‍ය ජලය ලබාගැනීම සඳහා ඉදිරිපත් වීමට බොහෝ බාධා පවතී. වීම.
■ ජාතිය, ජනවාර්ගිකත්වය. ආගම, උපත, කුලය, භාෂාව හා ජාතිකත්වය
■ ආබාධ සහ සෞඛ්‍ය තත්ත්වය
■ දේපල, සේවා කාලය,නේවාසික, ආර්ථික හා සමාජ තත්ත්වය
මීට අමතරව තවත් කරුණු ගණනාවක් ඇත. ජනගහන වර්ධනය පාරිසරික විනාශය දේශගුණික වෙනස්වීම් ගැටුම් සංක්‍රමණය වීම යන සාධකයන්ය ද අනෙකුත් සාධක වලට සමානුපාතිකව ජලය මත් එල්ල වෙයි. කෙසේ හෝ මෙම පසුබිම් යටතේ අවධානය යොමුක කළ යුතු කරුණු රාශියක් වේ.
ප්‍රධාන කරුණු
■ බිලියන 2.1 ක ජනතාවක් ආරක්ෂිත පානීය ජලය නොමැතිව සිය නිවෙස් වල ජීවත්වන බව.සමස්ත ප්‍රාථමික පාසල් 4න් එකකට පිරිසිදු පානීය ජලය නොමැත. සිසුන් අනාරක්ෂිත ජලයෙන් පවස නිවා ගැනීම.
■ දිනකට වයස අවුරුදු පහට අඩු දරුවන් හත් සියයක් පමණ මේ ලෝකය සමුග ගන්නේ ය අනාරක්ෂිත ජලය මීට හේතුව වීමත් සනීපාරක්ෂාව දුර්්වල වීම නිසා හට ගන්නා පාචනය වැනි රෝග මෙයට ප්‍රධාන හේතුවකි.
■ ලෝකයේ සියලු අසූවක් ජනතාව විශේෂයෙන් දුෂ්කර පාසල් වල ජනතාව අනාරක්ෂිත අපිරිසිදු ජලය පරිභෝජනය කරනු ලැබීම.
■ සමස්ත නිවාස හිමියන් දසදෙනෙකුගෙන් අටදෙනෙකුට නිවාස වලට පිරිස්ිදු ජලය නොමැත. ජලය එක්ර රැස් කිරීමේ වගකීම පවතින්නේ කාන්තාවන් සහ ගැහැණු දරුවන්ට ය
■ දිනකට අටසීයකට වඩා කාන්තාවන් පිරිසක් ගැබ්බර අවස්ථාවේ හෝ දරු ප්‍රසූතියේදී මිය යාම.සිය නිවාස අතහැර දමා යාමට සූදානම් වන මිලියන 68.5 කජනතාවක් සඳහා ර ආරක්ෂිත ජල සේවාවක් ලබා ගැනීම් අතිශයින්මින් දුෂ්කර වී ඇත.
■ මිලියන එකසිය 159 ක ජනතාවක් ඔවුන්ගේ පරිභෝජනයට ජලය රැස්කර ගනු ලබන්නේ කුඩා පොකුණු වලින් නොඑසේනම් මතුපිට අනාරක්ෂිත ජලයයි.බිලියන 4ක ජනතාවක් ලෝක ජන ගහනයෙන් තුනෙන් දෙකක ජනතාවක්- අවම වශයෙන් වසරෙන් එක් මාසයක් හෝ දැඩි ජල හිඟයකට මුහුණ දෙන බව
■ වර්ෂ 2030 වන විට ජල හිගය නිසා ලෝකයේ ජන ජනගහනයෙන් මිලියන 700කට ආසන්න ප්‍රමාණයක් අවතැන් විය හැක.
■ ධනවත් සමාජයෙන් අඩු පිරි පිරිවැයක් සහිතව ජලය සනීපාරක්ෂාව සහ සෞඛ්‍ය පහසුකම් සේවා ලබාගත හැකි අතර දුප්පත් අයට සමාන හෝ ගුණ ගුණාත්මක සේවාවක් සඳහා වැඩි මිලක් ගෙවීමට සිදු වෙි (ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නගර සැලසුම් , ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය ,2019)
රසික නදීශාන්
දෙසතිය සඟරා අංශය -පුහුණු(නිදහස් ලේඛක)
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

No comments:
Post a Comment